මහින්දව රැවට්ටුවා වගේ මෛත්‍රී අපිව ද රැවටිය හැක – සිවාජිලිංගම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්‍ෂ එක්ක ආප්ප කාලා මහින්ද රාජපක්‍ෂටත් නොකියා පොදු අපේක්ෂකයා වෙලා රැවට්ටුවා වගේ යහපලානය නමින් අපි සමඟ කථාබහ කර අපිවත් රැවටිය හැකි බවට ඔහු කෙරෙහි සැකයක් පවතින බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් පවසයි.

යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් පවසා සිටියේ.,

හෙට 4 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනය පැමිණීම තමයි කිසිඳු විරෝධතාවක් නැතිව ඔහු යාපනයට පැමිණෙන අවසන් සංචාරය වනු ඇත. ඉන්පසු ඔහු යාපනයට පැමිණීමට සූදානම් වන සෑම අවස්ථාවකදීම දැඩි බලපෑමකට මුහුණ දීමට සිදුවේ.

තවද මහ නාහිමිවරුන්ගේ අනුශාසනා සහ ආශීර්වාදය සමඟ තමයි දේශපාලන විසඳුම නම් ඔවුන් සමඟම සිටියදෙන් අපි අවශ්‍ය නැහැ, එලෙසම ජනාධිපති මැතිවරණයදී දෙමළ ජනතාවගේ සහාය අවශ්‍යතාවය නැතිව ඔහුට ජයග්‍රහණය කරන්නට තිබුණි යැයි සිවාජිලිංගම් වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top