හමුදාවට භාරවූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ ලැයිස්තුව ඉදිරිපත් කරන ලෙස නියෝග කරයි..

අවසන් යුද්දය පැවැති සමයේදී හමුදාවට භාරවූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ නම් ලැයිස්තුව ලබන ජනවාරි මස 30 වෙනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරණ ලෙස මුලතිව් දිසාවිනිසුරු එම්.එස්.එම්.සම්සුදීන් මහතා ඊයේ (03) යුද හමුදාවට නියෝග කර තිබේ.

අවසන් යුද්දය පැවැති සමයේ හමුදාව වෙත භාර වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කිහිප දෙනෙකු අතුරුදන්වී ඇති බව පවසා මුල්ලතිව් අධිකරණයේ නඩු පවරා තිබේ.

අදාළ නඩුවට අදාළව හමුදාව වෙත භාර වූ කොටි සාමාජිකයන්ගේ නම් ලැයිස්තුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හමුදාවට නියෝග කර තිබේ. යුදහමුදාව වෙත බාරදෙන ලද දෙමල ජාතිකයින් හාරසීයකට ආසන්න පිරිසක් මේ වනවිට අතුරුදහන්වී ඇති බව පවසමින් ඔවුන්ගේ ඥාතීන් පිරිසක් මුලතිව් අධිකරණය වෙත හබයාස්කෝපස් නඩු දාහතරක් ගොණුකොට තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top