දුමින්ද සිල්වාට සැනීප නැහැයිලු – නඩුව ජනවාරි 26ට කල් තබයි..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරිමේ සිද්ධියට මරණ දඩුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා රෝගාතුරුව සිටින බවට අධිකරණයට දැනුම් දී තිබේ.

දුමින්ද සිල්වාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වු නීතිඥවරුන් මේ බව අධිකරණය වෙත දැනුම් දී තිබේ.

දුමින්ද සිල්වාව අද (5) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගිලන් රියෙන් රැගෙන ආ නමුත් ගිලන් රථයේ සිට අධිකරණයට තුළට පැමිණිම පවා අපහසු රෝගී තත්වයකින් ඔහු පසුවන බව දැනුම් දී තිබේ.

වත්කම් හා බැරකම් හෙළි නොකිරිම සම්බන්ධයෙන් වන නඩු තුනකට අදාළව ඔහුට චෝදනා එල්ල වී තිබෙන අතර, අදාළ නඩුව ජනවාරි 26 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කර තිබේ.

සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බලා වෛද්‍ය වාර්තාවක් දෙසතියක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top