දේශපාලකයන් විසින් පමණක් රට ගොඩනගන්න නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ සංගමයේ උපහාර ප්රණාම උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මානව සමාජයේ ප්රගමනය සඳහා අද තිබෙන ප්‍රධානම බාධාව හිස් මිනිසුන්ගේ ඝෝෂාවත්, උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ නිහඩතාවයත් බවට ඇමරිකානු මානව හිතවාදී නායකයෙකු වූ මාටින් ලූතර් කිං කළ ප්‍රකාශය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා සඳහන් කළේ එම ප්‍රකාශය අපේ රටට එදාට වඩා අදට ගැළපෙන බවයි.
දේශපාලකයන් විසින් පමණක් රට ගොඩනගන්න නොහැකි බවත්, රට ඉදිරියේ තිබෙන ප්‍රශ්න සහ ගැටලු හෙට උපදින දරුවන් වෙනුවෙන් විසඳීමට උගතුන් සහ බුද්ධිමතුන් පෙරට ආ යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment