දෙමළ ජාතික සන්ධාන සම්බන්ධීකරණ කමිටු රැස්වීම කොළඹදී පැවැත්වුණි..

දෙමළ ජාතික සන්ධාන සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (6) සවස එම පක්‍ෂ නායක හා විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි විපක්‍ෂ නායක කාර්‍යාලයේදී පැවැත්වුණි.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දේශපාලන විසඳුම, ගැන සාකච්ඡා කර තිබේ. එම අවස්ථාවට තමිලරසු පක්‍ෂයෙන් එම්.ඒ. සුමන්දිරන්, මාවයි සේනාදිරාජා, බුලොට් පක්‍ෂයේ දර්මලිංගම් සිද්ධාර්තන්, වි. රාගවන්, ඊ.පී.ආර්.එල්.එෆ්. පක්‍ෂයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, සිවශක්ති ආනන්දන්, ආර්. දුරයිරත්නම්, සර්වේස්වරන්, ටෙලෝ පක්‍ෂයේ එන්. ශ්‍රී කන්දා, කේ. කරුනාකරම්, එම්. සිවාජිලිංගම් හේන්රි මහේන්ද්‍රන් ඇතුළු පිරිසක් සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top