යුද අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණ අවශ්‍යයි – රාම්දාස්

යුද අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සිදුකළ යුතු බව තමිල්නාඩු පාට්ටාලි ජනතා පක්‍ෂයේ නිර්මාතෘ එස්. රාම්දාස් ඉල්ලා තිබේ.

අවසන් යුද්දය පැවැති සමයේ සිඳුවූ යුද අපරාධ ගැන පරීක්‍ෂණ සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර යාන්ත්‍රණයකට අවසර ලබාදීම ප්‍රතික්‍ෂේප කරමින් සිටින බව හෙතෙම චෝදනා කර තිබේ.

යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරික්‍ෂණයක් සිදු කළ යුතු බවට එක්සත් ජාතීන් සංවිධානයේ යෝජනාවක් සම්මත කළ යුතු යැයි ඔහු ඉල්ලා තිබේ.

ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් නැතිනම් එයට සමාන යාන්ත්‍රණයක් එක්සත් ජාතීන් සංවිධානය විසින් පිහිටුවිය යුතු බව අවධාරණය කර තිබේ. ජාත්‍යන්තර පරීක්‍ෂණවලට ශ්‍රී ලංකා රජය අනුමැතිය ලබා නොදෙන බවත් මෙවැනි තත්වයකදී දෙමළ ජනතාවට සාධාරණීය යුක්තියක් ලැබීමට හැකියාවක් නැති බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top