ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන් සංවිධානයේ යෝජනාවක් සම්මත කිරීමට සූදානමක්..

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන් සංවිධානයේ යෝජනා කෙටුම්පතක් සම්මත කිරීමට කටයුතු ආරම්භ කර තිබේ. චෙන්නයි නුවර නීතීඥවරුන් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් මෙලෙස යෝජනාවක් ඉදිරිපත් කිරීමේ කටයුතුවල නිරතව සිටින බව වාර්තාවේ.

ලබන 9 වනදා චෙන්නයිවලදී ඉකුත් නීතීඥවරුන් රැස්වී මේ සම්බන්‍ධයෙන් සොයා බැලීමට නියමිත බවත්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6වන සංශෝධනය ගැන මෙලෙස යෝජනා කෙටුම්පතක් සම්මත කර ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තාවේ.

ඇමරිකාවේ හිටපු නීතිපති රාමේසේ කිලාර්ක්, තමිල්නාඩුවේ විශ්‍රාම ලැබූ විනිසුරු සිවසුප්රමනියම්, රටින් එපිට ඊළාම් රජයේ අගමැති යැයි කියන වී. රුද්‍රකුමාරන් යන පිරිස මෙම යෝජනාව ඉදිරිපත් කිරීම සම්බන්‍ධෙයන් ආරම්භක කටයුතු සූදානම් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6වන සංශෝධනය, දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතිය මර්ධනය කරන අයුරින් තිබෙන බව පෙන්වාදී තිබේ. දෙමළ ජනතාවට සිය දේශපාලන අයිතිය බාධාවකින් තොරව ප්‍රකාශ කිරීමට අවසර ලබාදිය යුතු බව ඔවුන් සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top