SRILANKAN NEWS

2016 උසස්පෙළ හපන්නු මෙන්න…

2016 උසස්පෙළ විභාගයට විෂය ධාරා හයක් යටතේ පෙනී සිටි සිසුන් දෙලක්ෂ හැට තුන් දහස් පන්සිය පනහක් (263,556) අතුරින් විෂය ධාරා අනුව පළමු වැනි, දෙවැනි හා තුන් වැනි ස්ථාන හිමි කර ගත් සිසුන් වැඩි පිරිසක් කොළඹින් පිට ප්‍රදේශවලින් තේරී පත්වී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කින්නියා, කල්මුණේ, මනිපායි, චුන්නාකම්, ඔඩ්ඩමාවඩි, කෑගල්ල, හිඟුරග්ගොඩ ආදී ප්‍රදේශවල සිසුහුද ඒ අතර වෙති.

ජෛවීය විද්‍යා විෂය ධාරාවෙන් දිවයිනේ පළමු ස්ථානය මාතර රාහුල විද්‍යාලයේ ආර් ඒ නිසල් පුන්සර සිසුවා හිමි කරගෙන ඇති අතර දෙවැනි තැන කින්නියා මධ්‍ය මහා විද්‍යාලයයේ එම් රොෂේන් අත්සාර් හිමි කරගෙන ඇත. කල්මුණේ තාර්මේල් ෆාතිමා විද්‍යාලයයේ පී ක්ලෙරින් දිලුජාන් ජෛවීය විද්‍යා විෂය ධාරාවෙන් තුන් වැනි තැන හිමි කර තිබේ.

භෞතික විද්‍යා විෂය ධාරාවෙන් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයයේ කේ.ඩී.එම්. අමායා ධර්මසිරි සිසුවිය පළමු තැන හිමි කරගෙන ඇති අතර එම විෂ්‍ය ධාරාවෙන් දිවයියේ දෙවැනි ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයයේ යූ.ජී. චතුර ජයසංඛ සිසුවා හිමි කර ගෙන ඇත. එහි තුන් වැනි ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයයේ එම්.බී. සවිඳු දිමාල් ගානුක සිසුවා හිමි කර ගෙන තිබේ.

වාණිජ්‍ය විෂය ධාරාවෙන් දිවයිනේ පළමු තැන හිමි කරගෙන ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයයේ මුදිත අකලං රාජපක්ෂ සිසුවාය. එම විෂය ධාරාවේ දෙවැනි ස්ථානය කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ඊෙ.එෆ්. ඔනිල් වින්දුල පෙරේරා හිමි කරගෙන ඇති අතර හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ නිපුනි ධනංජනී රූපසිංහ සිසුවිය තුන් වැනි තැන හිමි කරගෙන ඇත.

කලා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි මහනුවර උසස් බාලිකා විද්‍යාලයයේ ආර්. ඉන්දීවරී ගවරම්මන සිසුවිය එම විෂය ධාරාවෙන් දිවයිනේ පළමු වැනිස්ථානය හිමිකරගෙන ඇති අතර එහි දිවයිනේ දෙවැනි තැන මනිපායි හින්දු විද්‍යාලයේ පද්මනාදන් කුරුපරෝෂාන් සිසුවා හිමි කරගෙන තිබේ. එහි තුන් වැනි තැන කිරිබත්ගොඩ විහාරමහා දේවි බලිකා විද්‍යාලයයේ යූ. ඩබ්ලිව් අමන්දා පාරමී සිසුවිය හිමි කරගෙත ඇත.

ඉන්ජිනේරු තාක්ෂණ විෂ්‍ය ධාරාවෙන් දිවයිනේ පළමු තැන චුන්නාකම් ස්කන්ධවාරෝදය විද්‍යාලයයේ කනකසුන්දරම් ජතුර්සජාන් සිසුවා හිමි කර ගැනීමට සමත් වී තිබේ. එම විෂය ධාරාවෙන් දෙවැනි තැන මාතලේ විද්‍යා විද්‍යාලයයේ කේ.ඩබ්ලිව් නිසල් කොබ්බෑකඩුව සිසුවාද තෙවැනි ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයයේ ආර්.ඒ. සන්දීපා අන්ජලී රණතුංග සිසුවියද හිමිකරගෙන ඇත.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ පළමු ස්ථානය කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයයේ කේ.මලිනි ශෂිකලා දිල්රංගි සිසුවිය හිමි කරගෙන ඇති අතර එහි දෙවැනි ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලයයේ ටී. මයුමි තත්සරණ සිසිවිය හිමිකරගෙන තිබේ. එහි තෙවන ස්ථානය ඔඩ්ඩමාවඩි මධ්‍ය මහා විද්‍යාලයයේ ඉල්යාස් ෆාතිමා අරෝස සිසුවිය හිමිකරගෙන ඇත.