විදේශ ඇමැති අද බ්‍රිතාන්‍යයට

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (09) බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ලබන 14 වන දින දක්වා අමාත්‍යවරයා බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීමට නියමිත අතර 2016 වර්ෂයේ ජුලී මාසයේ පැවති ජනමත විචාරණයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ නව ආණ්ඩුව බිහිවීමෙන් පසුව මෙරට ඉහළ පෙළේ නියෝජිතයෙකු බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම මෙම සංචාරයේ අරමුණ වන අතර දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සඳහා ඇති අවස්ථා පිළිබඳව අමාත්‍යවරයා විසින් බ්‍රිතාන්‍ය ඉහළ පෙළේ නියෝජිතයන් දැනුම්වත් කිරීමට ද නියමිතය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top