SRILANKAN NEWS

හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයන්ට වෛද්‍ය පරීක්‍ෂණයක් සිදුකළ යුතුයි – උතුරු පළාත් සභාව

request 1_CIපුනරුත්ථාපනය ලබා නිදහස් කරන ලද හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයන්ව වෛද්‍ය පරීක්‍ෂණයකට ඇතුලත් කළ යුතු බවට උතුරු පළාත් සභා මන්ත්‍රී තු. රවිකරන් විසින් යෝජනාවක් ඉදිරිපත් කළේය.

උතුරු පළාත් සභාවේ මාසික සැසිවාරය ඊයේ අඟහරුවාදා දින පැවැත්වුණි. එහිදී රවිකරන් මන්ත්‍රීවරයා විසින් මෙලෙස යෝජනා කෙටුම්පතක් ඉදිරිපත් කළේය.

එහිදී අදහස් ප්‍රකාශ කළ උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය සත්‍යලිංගම් මහතා, තම අමාත්‍යංශය යටතේ හිටපු කොටි සාමාජිකයන් පිළිබඳ තොරතුරු එක්රැස්ක කරන බවත්, පුනරුත්ථාපනය ලබා නිදහස් කිරීමෙන් පසු ඔවුන් හදුනා නොගත් රෝගයකින් ජීවිතක්‍ෂයට පත්වීම සම්බන්‍ධයෙන් ද තොරතුරු එක්රැස් කරමින් සිටින බව පවසා සිටියේය.

හිටපු කොටි සාමාජිකයන් ලබාගත් ප්‍රතිකාර, පුනරුත්ථාපනය කඳවුරුවල විශ රසායිනික එන්නත් ලබාදී තිබුණේ නම් එය හඳුනා ගැනීමේ ක්‍රිමයන් ගැන ද පුළුල් ලෙස පරික්‍ෂා කරන බව ඔහු පවසා සිටියේය.