යෝෂිතගේ ඩේසි ආච්චිටත් ඇප

රුපියල් මිලියන 36ක මුදලක් අයථා ලෙස යොදවා රත්මලාන ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීමට අදාළව යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තනිය බව කියන ඩේසි ෆොරස්ට් මහත්මිය රුපියල් විසිපන්දහසක (රු. 25,000) මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 15 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල ඊයේ (9) නියෝග කර තිබේ.

ඩේසි ෆොරස් මහත්මිය අධිකරණයේ නියෝග මත පසුගිය අගෝස්තු 31 වන දින පමණක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනීසිට ප්‍රකාශයක් ලබා දුන් නමුත් ඉත් පසු අවස්ථා 6කදී ප්‍රකාශ ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඇය කැඳවනු ලැබුවද ඇය නොපැමිණි බවත් ඒ අනුව විමර්ශන සඳහා ඇයගෙන් නිසි සහයක් නොලැබුණු බවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී තිබේ.

ඇයට ලක්ෂ 15 ශරීර ඇපයක් වෙනුවෙන් පැමිණි යෝෂිත රාජපක්ෂගේ ඇප පිළිගත නොහැකි බව ද අතිරේක මහේස්ත්‍රාත්වරයා අවධාරණය කර තිබේ. මෙහි නඩුව යළි මැයි මස 19 වන දින කැඳවීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top