බුද්ධිමය දේපළ ආරක්‍ෂාවට ජනපතිගෙන් උපදෙස්

බුද්ධිමය දේපළ මංකොල්ලය නැවැත්වීම සඳහා දැනට තිබෙන නීති රීති නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීමට සහ එම නීති රීතිවල අඩුපාඩු පවතින්නේ නම් නව නීති සම්පාදනය කර මෙම ගැටලුව විසදීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී කලාකරුවන් සහ අදාළ නිළධාරින් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබාදී තිබේ.

කර්තෘ භාගය ගෙවීම සහ ප‍්‍රකාශන හිමිකම ආරක්ෂා කිරීම සඳහා ගතයුතු පියවරයන් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top