ශ්‍රී.ල.නි.ප. මීළඟ ජනාධිපති අපේක්‍ෂකයා මෛත්‍රී – එස්.බී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ ද පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැව් අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

පක්ෂයේ කාන්තා හා තරුණ සමිති වල මෙන්ම පක්ෂයට අනුබද්ධ වෘත්තිය සමිතිවල ප්‍ර‍බල ඉල්ලීම වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 ජනාධිපති මැතිවරණයේදී මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමය.

කෙසේ නමුත් ජනාධිපතිවරයා මේ පිළිබඳව මෙතෙක් කිසිදු අදහසක් ප්‍ර‍කාශ කර නැති බව අමාත්‍යවරයා පවසා තිබේ. එජාප සහ ශ්‍රීලනිප සම්මුතිවාදී ආණ්ඩුව මඟින් විශාල වැඩ කටයුතු සිදුකර ඇති බවත්, තවඳුරටත් යහපත් වැඩ කටයුතු රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බැවින් මෙම ප්‍රධාන පක්‍ෂ දෙකම එකට කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව හෙතෙම වැඩිදුරටත් පෙන්වාදි තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top