උතුරේ පාසල් ලබන 13 වනදා නිවාඩු

උතුරු පළාත තුළ සියළු පාසැල් සදහා අනිද්දා (13) දින නිවාඩු ලබා දීමට තීරණය කළ බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියි. ‍

හෙට (12) පසළොස්වක පොහෝ දිනය වන නිසා එදින නිවාඩු දිනයක් වන අතර ලබන 14 වන සෙනසුරාදා තෛපොංගල් නිවාඩු දිනයද යෙදී තිබෙන නිසා යම් ගැටළුකාරී බවක් ඇතිවිය හැකි බැවින් අනිද්දා 13 වනදා නිවාඩු ලබා දීමට තීරණය කළ බව පැවැසේ.

අදාළ නිවාඩු දිනය වෙනුවට ලබන 21 වන සෙනසුරාදා පාසල් දිනයක් වශයෙන් පවත්වන බවද උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය ලේකම් ඊ. රවීන්ද්‍රන් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top