අත්අඩංගුවට පත්වූ ඉන්දිය ධීවරයන් 51කට නිදහස..

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතු වල නිරතව සිට අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයන් 51 දෙනෙකුට නිදහස ලබා දී ඔවුන් ඉන්දීය රජය වෙත බාර දීමට නාවික හමුදාව විසින් කටයුතු කර ඇත.

එම ධීවරයින් කන්කසන්තුරයට උතුරින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉන්දීය රජය වෙත බාර දී තිබේ. එහිදී ඉන්දිය අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයන් තිදෙනෙකු ද යළි මෙරටට භාර දුන් බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top