තොරතුරු පනත පෙබරවාරි 03 ප්‍රකාශයට..

තොරතුරු දැන ගැනීමේ පනත ලබන පෙබරවාරි 03 වනදා ගැසට් කර ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අවධාරණය කර සිටියි.

අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්වූ පසු රටේ ඕනෑම අයෙකුට තමන්ට අවශ්‍ය තොරතුරක් ඕනෑම රාජ්‍ය ආයතනයකින් ලබා ගැනීමට අයිතිය හිමි වන බවද ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

එම තොරුතුරු ලබා දෙන සියළුම රාජ්‍ය ආයතනවල නිලධාරින් සියළු දෙනාම එක තැනකට ගෙනවිත් අදාළ පත්වීම් ලබා දීමෙන් අනතුරුව මෙම ක්‍රියාවලිය ආරම්භ වනු ඇති බව ඔහු කියා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top