බ්‍රිතාන්‍යයේ නිළ සංචාරයක නිරත වී සිටින විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතා බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් බොරිස් ජොන්සන් මහතා හමුවී සාකච්ඡා කර තිබේ.
එහිදී දෙරට වෙළඳාම සහ ආයෝජන කටයුතු පිළිබඳ සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ලබා දුන් ප්‍රතිඥා ඉටු කිරීමේ ප්‍රගතිය පිළිබඳ අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා පැවැත්වූ බව ද වාර්තාවේ.