උතුරු පළාත් ඇමතිවරුන්ට එරෙහි දූෂණ චෝදනා ගැන 23ක් සාක්‍ෂි ලබා දෙයි..

උතුරු පළාත් ඇමතිවරුන් සම්බන්‍ධයෙන් ඉදිරිපත් කරන ලද චෝදනා ගැන පරීක‍්‍ෂණ පැවැත්වීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් පත්කරන ලද පරීක්‍ෂණ කමිටුව ඉදිරියේ 23 දෙනෙකු සාක්‍ෂි ලබාදී තිබේ.

විශේෂයෙන් උතුරු පළාත් අධ්‍යාපන ඇමැතිට එරෙහිව දූෂණ චෝදනා ගණනාවක් ඉදිරිපත් කර ඇති අතර, එය ගැන සොයා බැලීම සඳහා උතුරු පළාත් මහ ඇමැතිවරයා විසින් විශ්‍රාමලත් විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබුණි. එමඟින් පසුගිය දිනවල කළ පරීක්‍ෂණවලට මෙලෙස 23 දෙනෙකු සාක්‍ෂි ඉදිරිපත් කර තිබේ.

ඇමතිවරුන් සිව් දෙනෙකුට එරෙහිව සාක්‍ෂි ලබාදී තිබෙන නමුත්, එයින් එක් ඇමතිවරයකුට එරෙහිව වැඩි සාක්‍ෂි ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top