රජය සියළු දෙමළ පාර්ශව සමඟම සාකච්ඡා කළ යුතුයි – ආනන්ද සංකරි

රජය සියළු දෙමළ පාර්ශව සමඟ සාකච්ඡා කළ යුතු බව දෙමළ විමුක්ති සන්ධානයේ මහ ලේකම් වී. ආනන්ද සංකරි මහතා පවසයි.

මේ සම්බන්‍ධයෙන් අගමැතිවරයා වෙත ලිපියක් යවා ඇති සංකරි මහතා, දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා දෙමළ ජාතික සන්ධානය පමණක් නොවන බවත්, රජය ඔවුන් සමඟ පමණක් සම්බන්‍ධකම් නොපැවත්විය යුතු යැයි අවධාරණය කර තිබේ.

යහපාලන රජයට මෙය සුදුසු නොවන බවත්, නිසි දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීමට නම් සියළුම දෙමළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කර යහපත් විසඳුමක් ලබා ගැනීමට පියවර ගත යුතු බව ආනන්ද සංකරි මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top