උතුරේ නිදහස දකුණට නැහැ – චම්පික රණවක

උතුරේ දෙමළ ජනතාවට හිමිව ඇති නිදහස මේ දක්වා දකුණේ සිංහල සහ මුස්ලිම් ජනතාවට හිමිව නැතැයි ජාතික හෙළ උරුමය චෝදනා කර තිබේ.

 උතුරේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ සංහිඳියා කාර්ය සාධක බළකාය විසින් ඉදිරිපත් කළ වාර්තාවෙන් කරුණු දක්වා ඇතත් සිංහල ජනතාවගේ අයිතීන් පිළිබඳ එමගින් කරුණු දක්වා නොමැති බව ජාතික හෙළ උරුමයේ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා තිබේ.

දෙමළ ජනතාවට සෑම ආකාරයකින්ම ආර්ථික නිදහස ලැබී ඇති නමුත් උතුරේ ජනතාවට ලැබී ඇති නිදහස තවමත් දකුණේ සිංහල සහ මුස්ලිම් ජනතාවට ලැබී නොමැති බව ද ඒ මහතා විසින් පෙන්වා දී ඇත.

දකුණේ ප්‍රදේශවල දෙමළ ජනතාව පදිංචි වෙනවා සේම උතුරේ ප්‍රදේශවල සිංහල සහ මුස්ලිම් ජනතාව පදිංචිවීමේ අයිතිය පිළිබඳව මෙම සංහිඳියා වාර්තාව තුළ කිසිදු සදහනක් නොමැති බවත් බුද්ධාගමට තවමත් රටේ රාජ්‍ය ආගමක තත්ත්වයක් ලැබී නැති බව ද රණවක මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top