SRILANKAN NEWS

විදේශ ගතවීමට ගම්මන්පිලට අවසර ලැබේ..

දින හතරක කාලයක්‌ විදේශ ගතවීමට කල ඉල්ලීම සලකා බලමින්, කොළඹ මහාධිකරණය විසින් පිවිතුරු හෙළ උරුම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට ඒ සදහා ඊයේ (13) අවසර ලබා දෙන ලදී.

ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක්‌ හරහා ඕස්‌ට්‍රේලියානු ජාතිකයකුට අයත් සමාගමක කොටස්‌ අලෙවි කර මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ පවරන ලද නඩුව විභාගයේදී අධිකරණය විසින් උදය ගම්මන්පිල මහතාට විදෙස් ගත වීම තහනම් කරන ලදී.

පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා ලබන 26 සිට 29 වනිදා තෙක් ක්‌වේට්‌ රාජ්‍යයට යාමට අවශ්‍ය බවට ගම්මන්පිල මහතා විසින් කරන ලද ඉල්ලීම සලකා බැලූ අධිකරණය විසින් ඉහත නියෝගය ලබා දෙන ලදී.