තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු දඹුල්ල, පන්නම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සතුව තිබී දුම්වැටි 70,000ක් සොයාගත් බව පොලීසිය පැවසුවේය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හා 37 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
සැකකරුවන් අද (14) දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.