SRILANKAN NEWS

GSP+ ලැබීම වැලක්වීමට ඇතැමුන් උත්සහ කරනවා – ජනපති

යුරෝපා සංගමය GSP+ සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කිරීමත් සමග රජයට ලැබෙන කීර්තිය ගෞරවය වැළැක්වීමට ඇතැමුන් අශීලාචාර අන්දමින් කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (14) ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගිවෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

ලබාදී ඇති මාධ්‍ය නිදහස වැරදි අයුරින් භාවිතා නොකර රටේ ජනතාවට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමේ වගකීම ඉටු කරන ලෙසත්, යුරෝපා සංගමය GSP+ සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදුන්නේ මේ රටේ ෆෙඩරල් ක්‍රමයක් ඇතිකිරීමේ පොරොන්දුව මත බවට ඇතැම් මාධ්‍යවල පළවූ වාර්තාව පිළිබඳව තමා කණගාටුව පළ කරන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

මෙම උත්සාහය රට ෆෙඩරල් කිරීමටවත්, කැඩීමට හෝ බිඳීමටවත් නොව නැවත යුද්ධයක් ඇතිවීම වළක්වා ජාතික සමගිය තහවුරු කර සාධාරණ සමාජයක් ගොඩනඟා ලෝකයේ පිළිගත් ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස අපේ රට ලෝකය හමුවට ගෙනයාම බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.