SRILANKAN NEWS

ඕමන්තේ සිට හමුදාව ඉවත්වෙයි..

වවුනියාව – ඕමන්ත හමුදා මුරපොළ පිහිටා තිබූ ජනතාවට අයත් ඉඩම්වලින් හමුදාව ඉවත්වී යන අතර, තවත් දින කිහිපයකින් ඉකුත් ඉඩම් ජනතාවට යළි ලබාදීමට නියමිත බව වාර්තාවේ.

යුද්දය පැවැති කාලයේ විශේෂිත මුරපොළක් ලෙස හැඳින්වූ ඕමන්තේ මුරපොළ 2002 මාර්තු මස පළමුවැනිදා සිට ක්‍රියාත්මකවුණි. යුද සමයේ ඕමන්තේ හමුදා මුර පොළක්ද ඊට ඈතින් කොටි සංවිධානයේ මුර පොළක්ද තිබිණි. මෙම මුරපොළවල ෆෝම් පුරවා අනන්‍යතාවය ඔප්පුකර උතුරට යෑමට කටයුතු සකසා තිබුනේය. හමුදාවට අයත් එම මුරපොළ පවුල් 21කට අයත් අක්කර 24ක ඉඩම් ප්‍රමාණයකදී ඉදිකර තිබුණි.

යුද්දය අවසන් වූ පසුද හමුදාව එහි රැඳී සිටි නමුත්, හමුදාව එයින් ඉවත්විය යුතු යැයි දිගින් දිගටම අවධාරණය කරැණි.

මෙවැනි තත්වයකදී හමුදාව ඕමන්ත මුරපොළදී තම අවශ්‍යතාවය සඳහා ඉදිකළ ගොඩනැගිළි සහ බඩු භාණ්ඩ ඉවත් කරමින් සිටින බව වාර්තාවේ. ඉකුත් ඉඩම් යළි එහි මුල් අයිතිකරුවන්ට ලබාදීමට නියමිත බවද පැවැසේ.