ඉරණමඩුවේ වර්ෂාව ඉල්ලා පූජාවක්..

කිලිනොච්චිය ඉරණමඩු කනකාම්බිකයි අම්මන් කෝවිලේදී ගොවීන් විසින් වර්ෂාව ඉල්ලා කුඩ ඉහලාගෙන විශේෂ පූජා පවත්වා තිබේ.

පවතින නියං තත්වය හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අක්කර ගණනාවක වගා බිම් විනාශයට පත්වී තිබේ. මෙවැනි තත්වයකදී වර්ෂාව ඉල්ලා කිලිනොච්චිය ඉරණමඩු ගොවිජන සංගම්වල සම්මේලනය විනිස් විශේෂ ආගමික පූජා කටයුතු පවත්වා තිබේ.

අද පෙරවරුවේ ඉරණමඩු වැවේ සිට කුඩ ඉහලාගෙන කනකාම්බිකයි අම්මන් කොවිල දක්වා ගිය ජනතාව එහිදී විශේෂ පූජාක්ද පැවැත්වූහ. මෙම අවස්ථාවට පාර්ලිමෙන්තු මන්ත්‍රී සි. ශ්‍රීදරන්, උතුරු පළාත් සභා මන්ත්‍රී පසුපතිපිල්ලේ, වී. ආනන්ද සංකරී, ඇතුළු විශාල පිරිසක් සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top