ලොතරැයි අලෙවිකරුවන් අද සිට යළිත් වැඩ වර්ජනයක

දිවයින පුරා ලොතරැයි අලෙවි නියෝජිතයන් අද (16) දිනයේ සිට දින තුනක් ලොතරැයි අලෙවියෙන් ඉවත්ව වර්ජනයක් දියත් කරන බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය පවසයි.

ලොතරැයි මිල රුපියල් 30 දක්වා ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් අද දිනයේ මෙලෙස වර්ජනයක නිරතවීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

ඊට 50,000කට අධික වූ ලොතරැයි නියෝජිතයින් මෙන්ම දිවයින පුරා සියලු අලෙවිකරුවන් එක්ව සිටින බවත්, වර්ජනය සිදුකරන දින තුන තුළ සාධාරණ විසඳුමක් නොලැබෙන්නේ නම් ලබන 19 වැනිදා දැවැන්ත විරෝධතාවක් කොටුව දුම්රියපල ඉදිරිපිට දී ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත් මාරඹගේ මහතා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top