SRILANKAN NEWS

නිළධාරීන් 50ක් අද FCID හමුවට

News GTN 01පැවති මහින්ද රාජපක්ෂ පාලන සමෙය් සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන් 50 දෙනෙකු අද (11) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇතැයි වාර්තා වේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ, සංචාරක මණ්ඩලයේ, සංචාරක අමාත්‍යංයේ, ඉන්ජිනේරු කාර්යංශයේ, සේවක ආර්ථ සාධක අරමුදලේ, ලංකා විදුලිබල මණ්ඩලයේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ, මගනැඟුම දෙපාර්තමේන්තුවේ හා සී.එස්.එන් නාලිකාවේ නිලධාරීන් ඒ අතර ඇති බවද පැවසේ.

මේ තර බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසා ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කර ඇති ජනාධිපති කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි වලින් 237ක විමර්ශන කටයුතු අවසන් කර ඇති බව එම කොමිසම පවසයි.

2010 වසරේ ජනවාරි මස සිට 2015 වසරේ ජනවාරි දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් ලද පැමිණිලි සම්බන්ධයෙන් මෙම කොමිසම පරීක්ෂණ සිදුකරනු ලබයි.

මෙම කාලය තුළ පැමිණිලි 1595ක් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 1049ක් සලකා බැලූ බවත් ඉන් පැමිණිලි 689ක් ප්‍රතික්ෂේප වී ඇති බවත් තවත් පැමිණිලි 43ක් වෙනත් ආයතන වෙත යොමුකර ඇති බවත් පොලිස් විමර්ශන කටයුතු සඳහා පැමිණිලි 139ක් යොමුකර ඇති බවත් එම කොමිසම සඳහන් කරයි.

කෙසේවෙතත් ලැබී ඇති පැමිණිලිවලින් තවත් පැමිණිලි  62ක් විමර්ශනය කිරීමට තිබෙන බවද එම කොමිසම සඳහන් කර සිටියි.