කිලිනොච්චිය සිවනගර් දෙමළ පාසලේ සිසුන් විරෝධතාවක..

කිලිනොච්චිය සිවනගර් රාජ්‍ය දෙමළ පාසලේ විදුහල්පතිව ස්ථාන මාරු කිරීමට විරෝධය පළ කරමින් එම පාසලේ ගුරුවරුන් සහ සිසුන් විරෝධතාවක් පවත්වා තිබේ.

පාසලේ ප්‍රධාන ගේට්ටුව වසා, පංති වර්ජනය කරමින් අද සඳුදා දින මෙලෙස විරෝධතාවක නිරතවූහ. ඉකුත් පාසලේ ගුරුවරුන් බොහෝ දෙනෙකු ස්ථාන මරුවීම් ලබා ගිය නමුත්, ඔවුන් වෙනුවෙන් මෙතෙක් වෙනත් ගුරුවරුන් පත්කර නැති බවද විරෝධතාවයෙහි නිරතවූ පාසල් සිසුන් පවසති.

මෙවැනි තත්වයකදී, පාසලේ විදුහල්පතිට ද ස්ථාන මාරුවීමක් ලබාදීමට ගන්නා ක්‍රියාමාර්ගයට එරෙහිව අද දින මෙලෙස විරෝධතාවක් පවත්වන බව පවසා සිටින පාසල් සිසුන්, ඉකුත් පාසල අධ්‍යාපනයේ ප්‍රගතියක් අත්කරගෙන තිබෙන නමුත් තවඳුරටත් ගුරු හිඟය පවතින බවද පවසති.

එමෙන් ස්ථාන මරුවීම් ලබාදුන් ගුරුවරුන් වෙනුවෙන් අලුතින් ගුරුවරුන් පත්කරනතෙක් විදුහල්පතිට ස්ථාන මාරුවීම් ලබාදීම අත්හිටුවන්නැයි සෙසු ගුරුවරුන් සහ සිසුන් ඉල්ලා සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top