ඇවන්ගාඩ් සභාපති සහ මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට විදෙස් ගමන් තහනම්

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් හට විදේශ ගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (16) නියෝග කර තිබේ.

නිශ්ශංක සේනාධිපති සහ මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට එරෙහිව රුපියල් මිලියන 35.5ක අල්ලසක් ලබා දීම හා ලබා ගැනීමේ චෝදනාවක් ඉදිරිපත් කර තිබෙන අතර, අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා ඔවුන්ගේ විදේස් ගමන් තහනම් කර තිබේ.

නඩුවේ මීලඟ නඩු විභාගය ලබන අප්‍රේල් මස 03 වනදාට කල් දමා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top