ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කල් ඉකුත්වෙලා – එ.ජා.ප.

රටේ පවතින වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කල් ඉකුත්වී ඇති බව එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ධූරය බොහෝ දුරට අහෝසි කෙරෙනු ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි යන පක්‍ෂයේ ස්ථාවරයෙහි කිසිඳු වෙනසක් නොමැති බවත්, වර්තමාණයට ගැලපෙන ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව ද හෙතෙම පවසා තිබේ.

රට ඉදිරියට ගෙන යාමට නම් යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට සියලු පාර්ශ්ව සහයෝගය ලබා දිය යුතු බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top