සීමා නිර්ණ වාර්තාව අද භාරදෙනවා – අසෝක පීරිස්‌

පළාත් පාලන කොට්‌ඨාස සීමා නිර්ණ අභියාචනා කමිටු වාර්තාව අද (17) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා මහතා වෙත භාරදීමට කටයුතු කරන බව එම කමිටු සභාපති අසෝක පීරිස්‌ මහතා පවසා සිටියි.

අදාළ කමිටුවේ නියෝජිතයින් අතරින් එක්‌සත් ජාතික පක්‌ෂ නියෝජිතයා පමණක් වාර්තාව සදහා අත්සන් කර නොමැති නමුත් ඉතිරි සාමාජිකයින් සිව් දෙනා අත්සන් යොදා අැති බැවින් වාර්තා අමාත්‍යවරයා වෙත භාර දීමට කටයුතු කරන බවද අසෝක පීරිස්‌ මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

සීමානිර්ණය අභියාචනා කමිටුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජිතයා වන ඒ.එස්.එම්.මිස්බා මහතා අද දිනය වන විටත් අදාළ වාර්තාවට අත්සන් තබා නොමැති බව සඳහන්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top