SRILANKAN NEWS

ප්‍රවීණ මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දු මහතා දිවියෙන් සමු ගනී…

elmo_CIබී.බී.සී සංදේශයේ කොළඹ වාර්තාකරු ලෙස සේවය කළ ප්‍රවීණ මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත විය.

1967 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධ වූ ඒ මහතා එහි වාර්තාකරුවකු, වැඩසටහන් නිශ්පාදකයකු මෙන්ම නිවේදකයෙක් ද විය. 1984 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සමු දුන් එල්මෝ ප්‍රනාන්දු පිලිපීන කතෝලික ගුවන් විදුලි සේවයකට සම්බන්ධ විය. 1993 දී බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය (බීබීසී) හා සම්බන්ධ වූ ඒ මහතා වසර විස්සක් පමණ එහි කොළඹ වාර්තාකරු ලෙස කටයුතු කළේය.

මේ වන විට ඒ මහතාගේ දේහය අංක 314, අරුප්පිටිය, පැලවත්ත, බත්තරමුල්ල යන ස්ථානයේ තැන්පත්කර ඇත. ඒ මහතාගේ අවසන් කටයුතු බත්තරමුල්ල රෝමානු කතෝලික සුසාන භූමියේ දී අද (11) සවස 4.00 ට සිදු කිරීමට නියමිතය.