කුච්චවෙලි ප්‍රදේශයේ පැල්පත් පාසල..

ත්‍රිකුණාමලය කුච්චවෙලි ප්‍රදේශයේ පිහිටි කුච්චවෙලි ඉලන්තයිකුලම් මුස්ලිම් විද්‍යාලයට කිසිඳු ස්ථීර ගොඩනැගිල්ලක් නැතිව සිසුන් දැඩි අපහසුතාවලට මුහුණ දෙන බව පැවැසේ.

පැල්පත් දෙකකදී පවත්වාගෙන යන ඉකුත් පාසලේ සිසුන් 90කට අධික පිරිසක් ඉගෙනුම ලබති. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් මෙහි අධ්‍යාපනය ලබන අතර විවිධ බාධක මධ්‍යයෙහි වුවද පාසල වැසෙන්නට නොදී පවත්වාගෙන යෑමට ගුරුවරුන් ඇතුළු මවුපියෝ ඉමහත් කැපවීම් කරති.

මෙම ප්‍රදේශයේ සිසුන්ට සිය අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ස්ථීර ගොඩනැගිල්ලක් ඉදිකර දෙන්නැයි ප්‍රදේශවාසීන් අදාළ බළධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Image may contain: one or more people, tree, sky, outdoor and nature

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top