නීති විරෝධී ලෙස ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
යාත්‍රාවකින් පැමිණ ඇති අදාළ ශ්‍රී ලාංකිකයා තමිල්නාඩුවට අයත් මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. 27 හැවිරිදි මොහු වව්නියාව ප්‍රදේශයේ සිට පසුගිය 13 වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.
අදාළ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධීව ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ කළ තවත් පුද්ගලයෙකු මීට දින 4කට පෙරද ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉකුත් පුද්ගලයා රුපියල් 40 දාහක මුදලක් ගෙවා යාත්‍රාවකින් ඉන්දියාවට පැමිණ ඇති බවට විමර්ශණවලින් අනාවරණයවී තිබේ.