සුළු ජාතික ජනතාවගේ විශ්වාසය නොලබා දේශපාලන විසඳුමක් ගැන කථා කිරීමෙන් කිසිඳු පලක් නැති බවත්, සුළු ජාතිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට යහපාලන රජය මෙතෙක් අපොහොසත්වී තිබීම පැහැදිළි සත්‍යයක් බව නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆිස් නසීර් අහ්මද් මහතා පවසයි.
ඒරාවූර් ප්‍රදේශයේ අද දින පැවැති ජන හමුවකදී මහ ඇමැතිවරයා මේ බව පවසා සිටියේය.
සුළු ජාතිකයන් පසුගිය ආණ්ඩු සමයේ සිට මුහුණ දෙමින් සිටින ජාතිවාදය, සහ නැවැත පදිංචි කිරීමේ ප්‍රශ්ණවලට වත්මන් රජය මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැතිවීම හේතුවෙන් රජය කෙරෙහි ජනතාවට අතෘප්තියක් ඇතිවී තිබීම දැකගත හැකි බවද හෙතෙම පෙන්වාදුන්හ.
තවද නැගෙනහිර පළාතේ ජනතාවට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් තවඳුරටත් හමුදාව යටතේ තිබෙන අතර, එයට ජනතාව විරෝධතා ගණනාවක් පවත්වා ඇති නමුත් රජය විසින් මෙතෙක් එයට විසඳුමක් ලබා නොදීම ද ජනතාවගේ කනස්සල්ලට හේතුවක්වී තිබේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුල්මෝට්ටයි, කුරන්කුපාන්චාන්, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ද ජනතාවගේ ගොවි බිම් විශාල ප්‍රමාණයක් තවඳුරටත් හමුදාව යටතේ තිබෙන හෙයින් ජනතාවගේ ජීවනෝපාය කටයුතු බාධාවට පත්වී තිබේ. එම ඉඩම් නිදහස් කර ජනතාවට යළි ලබාදීමට රජය පියවර ගත යුතු බව මහ ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Add Comment