සීමානිර්ණ අභියාචනා වාර්තාව විෂය භාර ඇමතිට භාර දෙයි..

සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා භාරගෙන තිබේ.

අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කළේ, කමිටු සභාපති අශෝක පිරිස් මහතා විසින් එය භාරදෙනු ලැබූ බව ය. මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම වාර්තාව ලබා දීම විවිධ හේතු මත කල් ගියේය.

අවසන් වරට එය අමාත්‍යවරයා විසින් භාර ගැනීම ප්‍රතික්ෂේප කළේ, සියලු සාමාජිකයින්ගේ අත්සන් නොමැති වීම හේතුවෙනි. කෙසේ වෙතත් අද අදාළ වාර්තාව අමාත්‍යවරයාට භාර දුන්නේ සියලු සාමාජික අත්සන් සහිතවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top