SRILANKAN NEWS

නියඟයට සහන සැලසීම සඳහා ඇමරිකාවෙන් ආධාර

පවතින වියළි කාලගුණ තත්ත්වය මාර්තු මාසය දක්වා පවතින බවට අනාවැකි පළ කර තිබෙන බැවින් ජනතාවට සහන සැලසීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් ලබාදීමට කැමැත්ත පළකර ඇති බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන එක්දහස් පන්සියයකට අධික ප්‍රමාණයක් අවශ්‍ය වී ඇති බවද හෙතෙම පවසා තිබේ.

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා කෘෂිකාර්මික කටයුතුවලටද දැඩි බාධා එල්ල වී තිබෙන බවත්, වාරි ජල මූලාශ්‍රවල පවතින ජලය ප්‍රමාණවත් වන්නේ මාස 03කට අධික කලයකට පමණක් බවත් මේ නිසා ජලය හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.