SRILANKAN NEWS

කිලිනොච්චියේ ඉඩම් නැති අයගෙනුත් සවිකරන නිවාස සඳහා අයඳුම්පත් ලබාගන්නා බවට චෝදනා

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ඉඩම් නැති පුද්ගලයන්ගෙන් ද සවි කරන නිවාස සඳහා අයඳුම්පත් ලබාගෙන ඇති බවට පොදු සංවිධාන චෝදනා කර තිබේ.

සවි කරන නිවාස මුළුමනින්ම නොසුදුසු ව්‍යාපෘතියක් යැයි උතුරේ සියළු දෙනාම විරෝධය පළ කර සිටින අවස්ථාවක නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය, දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය, ප්‍රාදේශිය ලෙකම් කාර්‍යාලය හරහා සවි කරන නිවාස ව්‍යාපෘතියට කැමැති අයගෙන් අයඳුම්පත් කැඳවා තිබේ.

ඒ අනුව, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ඉඩම් නොමැති පුද්ගලයන්, තනි පුද්ගලයන්, කිලිනොච්චියේ තම ඉඩම් තිබුණද දිස්ත්‍රික්කයේ ස්ථීරව පදිංචි නොවූ පුද්ගලයන් ඇතුළු සියළු දෙනාගෙන්ම ඉකුත් නිවාස ව්‍යාපෘතිය සඳහා අයඳුම්පත් ලබාගෙන තිබේ.

සවි කරන නිවාස ව්‍යාපෘතියට විශාල පිරිසක් අයඳුම් කර ඇති බැවින් එය ජනතාවට කැමැති නිවාස ව්‍යාපෘතියක් යැයි පෙන්වාදීමට නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් මෙවැනි ක්‍රියාමාර්ගයක් සිදුකර ඇති බවට දිස්ත්‍රික්කයේ පොදු සංවිධාන සිය විරෝධය පළ කර තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයට නැවැත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් සවි කරන නිවාස ඉදිකිරීම සඳහා අයඳුම්පත් 11 දාහක් එවා තිබුණි. එය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය හරහා කරයිච්චිය ප්‍රාදේශිය ලේකම් කොඨාශයට අයඳුම්පත් 6500ක්ද, කන්ඩාවලයි ප්‍රාදේශිය ලේකම් කොඨාශයට අයඳුම්පත් 2300ක්ද, පූනගරි ප්‍රාදේශිය ලේකම් කොඨාශයට අයඳුම්පත් 1500ක්ද, පලයි ප්‍රාදේශිය ලේකම් කොඨාශයට අයඳුම්පත් 700ක්ද බෙදා දී තිබේ.

තවද, නැවැත පදිංචි කිරීමේ අමාත්‍යංශය රාජ්‍ය දෙපාර්තුමෙන්තු හැර වෙනත් මාර්ගවලින්ද සවි කරන නිවාස සඳහා අයුතු ආකාරයෙන් අයඳුම්පත් ලබාගන්නා බවට චෝදනා කර තිබේ.

එමෙන් සවි කරන නිවාස ව්‍යාපෘතියට ජනතාවගෙන් වැඩි කැමැත්තක් තිබෙන බවට පෙන්වාදීමට නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශ මෙලෙස විවිද කටයුතු සිදුකරන බවට පොදු සංවිධානවලින් චෝදනා එල්ලවී තිබේ.

ජනතාවටත් මෙම සවි කරන නිවාස ව්‍යාපෘතිය හැර වෙනත් නිවාස ව්‍යාපෘතියක් නොලැබෙන හෙයින්, තවඳුරටත් කූඩාරම් සහ පැල්පත්වල ජීවත්වීමට වඩා ලැබෙන දෙයක් ලබා ගැනිමු යන තත්වයකදී අකමැත්තෙන්ම අයඳුම්පත් භාර දෙන බවට ඇතම් නිළධාරීන් සඳහන් කර තිබේ.