ශ්‍රී ලංකාවේ ධනාත්මක ප්‍රගතියක් ඇතිවී තිබෙනවා – සෙයිද් හුසේන්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව ඇතිවෙමින් පවතින ධනාත්මක ප්‍රගතිය පිළිබඳව සතුට පළ කරන බවත්, රටේ ජනතාවගේ සියලු හිමිකම් ආරක්ෂා කෙරෙන හා තහවුරු කෙරෙන වැඩපිළිවෙළ ස්ථාවරව ඉදිරියට ගෙන යනු දැක්ම එක්සත් ජාතීන්ගේ මානම හිමිකම් කොමිසමෙහි අපේක්ෂාව බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් (HE Mr. Zeid Ra’ad Al Hussein) මහතා පැවසීය.

ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළු කේන්ද්‍රස්ථානයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමුවෙමින්, මහකොමසාරිස්වරයා පැවසූයේ යුද්ධය නිසා පීඩාවට පත් ජනතාවගේ සිත් සුවපත් කරලීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුව තිබීම වැදගත් කරුණක් බවය.

සියලු ජනතාවගේ අයිතිවාසිකම් ව්‍යවස්ථාව මගින්ම තහවුරු කරලීම ශ්‍රී ලංකා රජයේ අපේක්ෂාව බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. ජනතා අයිතිවාසිකම් හා බැඳුණු සියලු ආයතනයන්හි නිලධාරීන් වෙත විශේෂ පුහුණුවක් හා පරිචයක් ලබා දීමට ද කටයුතු කරන බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top