ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතුවලට ජපාන ජාත්‍යන්තර බැංකුවේ සහාය

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා බැංකුව, ශ්‍රී ලංකාව පිළිබඳ වර්ගීකරණය ඉහළ නැංවීමට තීරණය කර ඇති බව එහි සභාපති තදහෂි මයෙදා (Mr. Tadashi Maeda) මහතා පැවසීය.

ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළු කේන්ද්‍රස්ථානයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් මයෙදා මහතා වැඩිදුරටත් පැවසූයේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලීන් සඳහා තම බැංකුව පූර්ණ සහය ලබා දෙන බවය.

ඉදිරියේදී ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව එක්ව තෛපාර්ශවික ව්‍යාපාර සිදුකිරීමේ අවශ්‍යතාව හා හැකියාව පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී අදහස් හුවමාරු කර ගැනිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top