ලසන්ත ඝාතන සිද්ධිය ගැන සරත් ෆොන්සේකාගෙන් ප්‍රශ්න කරයි

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවකට යුද හමුදාපතිවරයාව සිටි වත්මන් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ඊයේ (20) ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා 2009 වසරේ ජනවාරි 09 වන දින එවක අධි ආරක්ෂිත කලාපයට අයත්ව පැවති ගල්කිස්ස, අත්තිඩිය ප්‍රදේශයේදී මෝටර් රථයෙන් ගමන්ගනිමින් සිටියදී ඝාතනය කර තිබූ අතර මේවන විට එම ඝාතනයට වසර අටක් ගත වී තිබේ.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ රියදුරාගේ සාක්සි මත මෙම ඝාතනය සම්බන්ධයෙන් යුධහමුදා බුද්ධි අංශයේ නිලධාරියෙකුද අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර පසුව යුධහමුදා බුද්ධි අංශයේ හිටපු තවත් සාමාජිකයෙකු සියදිවි හානිගකරගත්තේ ලසන්ත ඝාතනය තමන් විසින් සිදු කළ එකක් බව හඟවමිණි. කෙසේ නමුත් අත්අඩංගුවේ පසු වූ යුධහමුදා බුද්ධි අංශ නිලධාරියා පසුව ඇප මත නිදහස් කෙරිණ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top