ආණ්ඩුව දුර්වල වෙන හැම අවස්‌ථාවකදීම ඒ අය කරන්නේ ඒකාබද්ධ විපක්‌ෂයේ අය හිරේ දාන එක යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පවසා තිබේ.
ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ ආණ්ඩුවේ ස්ථාවරත්වය මේ වන විට බිඳ වැටිමෙන් පවතින අතර ජනතාව ඒකාබද්ධ විපක්ෂය වටා ඒකරාශි වීම නතර කර දැමිම සඳහා ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය දක්වන දේශපාලඥයින්ට විවිධ අසත්‍ය චෝදනාවන් නඟමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.
ඒකාබද්ධ විපක්‌ෂයේ සාමාජිකයන් රැසක් බන්ධනාගාරගත කර ඇති නිසා ඒ අය බලන්න මම නිතරම බන්ධනාගාරයට යන බවත් ආණ්‌ඩුවට ප්‍රශ්න ආවහම ඒ අය දුර්වල වේගෙන එනකොට ඒකාබද්ධ විපක්‌ෂයේ දේශපාලනඥයෝ හිරගෙවල්වල දානවා. ඒක පුදුම වෙන්න දෙයක් නොමැති බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment