ආනයනික සහල් වල උපරිම මිල රුපියල් 76යි – ජනාධිපති

ඉදිරියේදී ආනයනය කරනු ලබන සහල් කිලෝ ග‍්‍රෑමයක් රුපියල් 76 කට වඩා වැඩි මිලකට අලෙවි කළ නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති නියං තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද විශේෂ ජනාධිපති කාර්යසාධක බළකාය අතරවූ සාකච්ඡා හමුවදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

පෞද්ගලික වෙළෙඳුන්ට හා සහල් මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි සහල් මිල ඉහළ නංවා සාමාන්‍ය ජනතාව අපහසුතාවට පත්කළ නොහැකි බවත්, තමන් කළ පෞද්ගලික ඉල්ලීමක් අනුව ත්‍යාගයක් ලෙස සහල් මෙට්ටි‍්‍රක් ටොන් දස දහසක් ඉදිරි සති කිහිපය තුළ ශී‍්‍ර ලංකාවට ලබාදීමට ඉන්දුනිසියා රජය කැමැත්ත පළ කර තිබෙන බව ද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

රජය සතු ගබඩාවලින් නිකුත් කර ඇති වී තොග ලබාගත් වී මෝල් හිමියන් ඒවා සහල් බවට පත්කර වෙළෙඳපොළට මුදාහැර ඇත්දැයි සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසට ද ජනාධිපතිවරයා වී අලෙවි මණ්ඩලයට මෙහිදී දැනුම් දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top