SRILANKAN NEWS

බැඳුම්කර චෝදනා ගැන සොයා බැලීමට ජනාධිපති කොමිසමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිදුවීම පිලිබඳව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණ හා පරීක්ෂණ සිදුකර ඊට අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීතිපතිවරයාට උපදෙස් ලබාදී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්, මහාධිකරණ විනිසුරුවරයෙක් හා විගණන කටයුතු පිළිබඳ විශේෂඥවරයකුගෙන් සමන්විත මෙම ත්‍රිපුද්ගල ජනාධිපති කොමිෂන් සභාව පත් කිරීම පිළිබඳ ගැසට් නිවේදනය මේ සතියේදී නිකුත් වීමට නියමිතය.

මෙම කොමිෂන් සභාවේ නිර්දේශ සහිත වාර්තාව මාස තුනකින් තුළ සම්පූර්ණ කර අවසන් කළ යුතු වනු ඇත.

එම කොමිෂන් සභාවේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන මෙන් ගරු ජනාධිපතිතුමා අදාළ සියලු අංශවලින් ඉල්ලා සිටී.