සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නුදුරේ දී ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කරයි.
ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 20 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් පැය හයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇති අතර එහි දි හෙළි වු තොරතුරු මත ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පසුගිය රජය සමයේ ආරක්ෂක ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් කිහිපදෙනකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.
Add Comment