2018 දී ලෝක ආර්ථික සමුලුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කරයි!

ස්‌විට්‌සර්ලන්තයේ ඩවොස්‌ නුවර පැවැති ආර්ථික සමුළුවට සහභාගී වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2018 ලෝක ආර්ථික සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කල බවට අදහස් දක්වා ඇති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

2018 දී ලෝක ආර්ථික සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ඉල්ලීමක් සිදු කිරීමට අවස්ථාව ලැබුණු බවත් එයට යහපත් ප්‍රතිචාර ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නියෝජිත පිරිසක් ලබන පෙබරවාරී මාසයේ දිවයිනට පැමිණීමට නියමිත බව ද හෙතෙම පවසා තිබේ.

මෙවර පැවැත්වූ ලෝක ආර්ථික සමුළුවට ශ්‍රී ලංකාව සහභාගි වූයේ දෙවැනි වතාවට බවත් ඒ සදහා රාජ්‍ය නායකයන් 55 දෙනකු සහ ඇමැතිවරුන් 300 ක්‌ ඇතුලු ලොව ප්‍රධානම පෙළේ ව්‍යාපාරිකයන් බොහෝ පිරිසක් සහභාගි වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top