ඥානසාර හිමිට එරෙහිව නඩු

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණාසාර හිමි ඇතුළු තවත් දෙනමකට එරෙහිව ඊයේ (23දා) හෝමාගම පොලීසිය මගින් හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.

පසුගිය 2012 ජුනි නම වන දින  විතාරන්දෙනියේ නන්ද, ගලගොඩඅත්තේ ඥාණසාර, ඇඹිලිපිටියේ විජිත යන හිමිවරුන් හිමිවරු තුන්නම දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව දොරටුවෙන් අධිවේගී මාර්ගයට බලහත්කාර ලෙස ඇතුළු වී එහි ආරක්ෂාව යොදවා සිටි පොලිස් නිලධාරීන්ට බැණ වදිමින් එම ස්ථානයේ ඉදිකර තිබෙන ආරක්ෂක වැටට පහර දෙමින් රජයේ දේපළ වලට රුපියල් 60,000 ක පමණ අලාභයක් සිදු කළැයි කියන චෝදනාවන් සම්බන්ධයෙන් මෙලෙස නඩු පවරා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top