උපවාසයේ නිරතව සිටින අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට බුද්ධි අංශ නිළධාරින්ගෙන් බාධා!

අතුරුදන්වූවන්ගේ ඥාතින් විසින් වව්නියාවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙන අවස්ථාවක, බුද්ධි අංශයට අයත් නිළධාරින් කිහිප දෙනෙකු කැමරා සමඟ ගොස් ඡායාරූප ගත කරමින්, තර්ජනය කරන බවට වාර්තාවේ.

මෙරට අතුරුදන්වූවන් සම්බන්ධයෙන් රජය නිසි පිළිතුරක් ලබා නොදීම සහ අතුරුදන්වූවන් හා හමුදාව වෙත භාරවීමෙන් පසු අතුරුදන් කළ පුද්ගලයන් ගැන රජය වහාම පිළිතුරු ලබාදිය යුතුයි, ත්‍රස්ත මර්ධන පනත අහෝසි කළ යුතුයි යන ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් ඊයේ සඳුදා දින අතුරුදන්වූවන්ගේ ඥාතීන් වව්නියාව තැපැල් කාර්‍යාලය අසල මෙම මාරාන්තික උපාවසය ආරම්භ කළහ.

මෙවැනි තත්වයකදී කැමරා සහිත එහි පැමිණි බුද්ධි අංශයේ නිළධාරින් එම ජනතාව හා ඔවුන් විසින් ඉදිරිපත් කරන ප්‍රකාශනය විඩියෝ ගත කරමින් සිටින බව පැවැසේ. එහි පුවත් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ව ද ඡායාරූප ගන්නා බවට පැවැසේ.

තම ඥාතින් වෙනුවෙන් වසර ගණනාවක් බලා සිටින නමුත් මෙතෙක් නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් ප්‍රජාතන්ත්‍රිකව තමන් පවත්වන විරෝධතාවයකට බුද්ධි අංශය විසින් මෙලෙස බාධා කිරීම තවඳුරටත් වේදනාවට පත්කරන අයුරින් තිබෙන බවට අතුරුදන්වූවන්ගෙ ඥාතීන් සිය කනස්සල්ල පළ කර තිබේ.

– ග්ලෝබල් දෙමළ පුවත් –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top