අතුරුදන්වූවන් පිළිබඳ කාර්යයාල පනත සම්මතයි

accept_CIඅතුරුදන් වූවන් පිළිබඳ කාර්යයාලය පිහිටවීමේ පනත සංශෝධන සහිතව අද සම්මත විය.

මෙම පනත සම්බන්ධයෙන් අද (11) දින පාර්ලිමේන්තුව තුළි ඒකාබද්ධ විපක්ෂය විසින් දැඩි විරෝධයක් එල්ල කරන ලද බැවින් පාර්ලිමේන්තුව සුළු කාලයක් සදහා කල් තැබීමටද කථානායකවරයාට සිදුවිය. කෙසේ වෙතත් සංශෝධන සහිතව අදාළ පනත ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ, ආණ්ඩුපක්ෂය හා දෙමළ ජාතික සංධානය පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

අතුරුදන්වූවන් සෙවීමට හා ඔවුන් ගැන තොරතුරු සොයා ගැනීමට අතුරුදන් වූවන් පිළිබඳ කාර්‍යාලය විසින් ක්‍රිමවේදයක් ඉදිරිපත් කරනු ඇති බවට රජය විශ්වාසය පළකර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top