SRILANKAN NEWS

කොටි සංවිධානය නිහඞවූ පසු කාන්තාවන්ට ආරක්‍ෂාවක් නැහැ – ආනන්දි සසිදරන්

2009 වසරේ කොටි සංවිධානය නිහඞවූ පසු කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇති බව දිනපතා සිඳුවන අපරාධ ක්‍රියාවලින් දැකිය හැක. මෙයට හේතුව රාජ්‍ය යාන්ත්‍රණය නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීමය. පොලිසිය මෙවැනි සිද්ධියන් මැඩපැවැත්වීමට කටයුතු කරන බවක් ද දැකින්නට නොමැත.

ජන සංහාරයකට මුහුණ දුන් සමාජයක් යළි එවැනිම සැලසුම් සහගත ජන සංහාරයකට මුහුණදීමට සිදුව ඇතැයි සැකයක් මතුවී තිබෙන අතර, රාජ්‍ය යාන්ත්‍රණය ඕනෑකමින්ම මෙය මැඩපැවැත්වීමෙන් වැලකි සිට්නනේදැයි ප්‍රශ්ණයක් ද අපට තිබේ.

පසුගිය වසරේදී පාසල් සිසුවියකු පුන්කුඩුතිව් ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්කර ඝාතනය කර තිබුණි. එයට පෙර කාරයිනගර්, කිලිනොච්චිය යන ප්‍රදේශවලද සිසුවියන් දුෂණයට ලක්කර ඝාතනය කර තිබුණි. දෙමළ සමාජය කිසිවිටක මුහුණ නොදුන් සමාජ විරෝධි අපරාධ ක්‍රියාවලට කොටි සංවිධානය නැතිවීමෙන් පසු මුහුණ දෙමින් සිටියි.

නීතිය ක්‍රියාත්මක කළ යුතු පොලිසිය ද නිහඞව සිටියි. මෙවැනි තත්වයකදී දෙමළ ජනතාවට එරෙහිව දියත් කර ඇති ප්‍රචණ්ඩත්වය, ලිංගික දූෂණ හිංසාව හෙළාදැක ලබන 27 වන සිකුරාදා දින පෙරවරු 9 සිට 10 දක්වා පැයක කාලයක් වැඩ වර්ජනයක නිරතවන්නැයි රාජ්‍ය, රාජ්‍ය නොවන, හා පුද්ගලික අංශවලින් ඉල්ලා සිටින්නෙමි.

ආනන්දි සසිදරන්
උතුරු පළාත් සභා මන්ත්‍රීනි